Syria crisis more


සිරියානු අර්බුදය සමනය කරමින් ලොව බලගතු රාජ්‍ය 2 ක් වන ඇමෙරිකාව සහ රුසියාව අතර එකඟතා ගිවිසුමක් නිර්මාණය වී ඇති අතර එමගින් සිරියාවේ ඇති රසායනික අවි එළිදරව් කිරීමට සහ විනාශ කිරීමට සිරියාවට නියම කර ඇත.

දැඩි යුධ වාතාවරණයක පැවති මෙම සිරියානු අර්බුදය මේ ආකාරයෙන් අවසන් වීම ලෝක ප්‍රජාවගේ දැඩි පැසසුමට හේතුවී ඇත.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් රසායනික අවි නිමිත්තක් කරමින් සිරියාවට පහර දීමට සැරසෙත්දී රුසියාව, චීනය සහ ඉරානය සිරියාවට පක්ෂව සිටිමින් ඇමෙරිකාවට අභියෝග කලහ. යම් කිසි අයුරකින් යුද්ධයක් ඇරඹිනි නම් එය භයානක ප්‍රතිඵලයක් අත්කරදෙන අවස්ථාවක් වීමට ඉඩ තිබුනු බව විචාරකයින්ගේ මතය වේ. මෙයට හේතුව ඇමෙරිකාව පමණක් නොව රුසියාව සහ චීනයද යුධ ශක්තිය අතින් බලවතුන් වීමය.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa