Syria crisis

සිරියානු අර්බුදය තවත් තීවුර කරමින් රුසියානු යුධ නැවක් එම ප්‍රදේශයට යැවීමට රුසියානු රජය තීරණය කර ඇත. මේ වන විට සිරියාව වටා ලෝක බලවතුන් බල කඳවුරු දෙකකට බෙදීම නිසා අර්බුදය තවත් උග්‍ර වී ඇති අතර ඇමෙරිකාව ඕනැම මොහොතක සිරියානු ආක්‍රමණයකට අර අඳිමින් සිටී.

ඇමෙරිකාව පවසන්නේ කැරලි කරුවන්ට එරෙහිව රසායනික අවි භාවිතා කිරීම සම්බන්ඳයෙන් අසාඩ්ගේ නායකත්වයෙන් යුත් සිරියානු රජයට දඬුවම් කල යුතු බවයි. නමුත් මේ මතයට විරෝධය පලකරන රුසියාව සහ චීනය පවසන්නේ එවැනි රසායනික ප්‍රහාරයක් සම්බන්ඳයෙන් පැහැදිලි සාක්ෂි නැති බවත් මෙය බටහිර රටවලට සිරියාව ආක්‍රමණය කිරීමට යොදාගත් උපායක් බවත්ය.
මේ අනුව ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර බලවතුන්ට සිරියාවට පහර දීම සම්බන්ඳයෙන් නැවත වරක් සිතීමට සිදුවී ඇත්තේ තවත් බලවතුන් දෙපලක් වන චීනය සහ රුසියාව සිරියාව වෙනුවෙන් නැගී සිටීමයි. ඇමෙරිකාව තම ප්‍රහාරක යුධ නැව් සිරියානු කලාපයට ගෙන යන අතර තුර රුසියාවත් තම ප්‍රහාරක නව්කාවන් ස්ථාන ගත කර ඇත. මේ අතර ඉරානය නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකාව සිරියාවට අත තැබුවහොත් තමන් රිජුවම සිරියාවට සහය දක්වන බව ප්‍රකාශ කර ඇත. සිරියාව තුල ඇතිවී ඇති කැරැල්ල රටේ අභ‍යන්තර ප්‍රශ්නයක් බවත් එයට විදේශ මැදිහත් වීම් අවශ්‍ය නැති බවත් වැඩි දුරටත් ඉරානය ප්‍රකාශ කරයි.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa