Anak Krakatau

ක්‍රකටෝවා ගිණිකන්ද යලි සක්‍රීය වේවිද?

ක්‍රකටෝවා යනු සුමාත්‍රා සහ ජාවා අතර පිහිටි සුන්දා සමුද්‍ර සන්ධිය තුල පැවතුනු දූපත් සමූහයකි. ලෝකයේ මෙම ප්‍රදේශය ගිණි කඳු බහුල ප්‍රදේශයක් ලෙස  ප්‍රසිද්ධියක් උසුලයි. අභ්‍යන්තරය ගිණි කන්දක් ලෙස ලෝකයට හොරෙන් සක්‍රීය වෙමින් පැවති මෙම ක්‍රකටෝවා 1883 දි තම බල මහිමය ලොවට ප්‍රදර්ශනය කරමින් පුපුරා විනාශ විය.
1883 අගොස්තු 26 වෙනි දින තම ප්‍රබලතම පිපුරුම ලෝක ඉතිහාසයේ සටහන් කරමින් ක්‍රකටෝවා නිහඬ වුයේ මිනිසුන් 36000 ක පමණ ජීවිත අහිමි කරමිනි. ඉතිහාසය තුල වාර්තාවූ  දරුණුතම ගිණි කන්දු පිපිරීමක් සහ භූමි කම්පාවක් ලෙස මෙය සැලකේ. මෙයින් ඇති වූ සුනාමි රළ පහරේ උස මීටර් 45 ක් පමණ වූ  බව පැවසේ. මෙම අවස්ථාවේ දකුණු අෆ්‍රිකානු මුහුදු සීමාවල සිටි නැව්වලට පවා සුනාමි බලපෑම් එල්ල වී ඇත. මෙයින් නිකුත් වූ ශබ්දය ඕස්ට්‍රේලියානු මහද්වීපයටද ඇසුනු බව වාර්තාවේ. මෙම ගිණි කන්ද අසල පිහිටි කුඩා දූපතක් වූ සෙබෙසි දුපතේ සිටි 3000 ක් පමණ වූ දූපත් වැසියන් සියල්ලම  සුනාමියෙන් සහ ගිණි කන්දු කොටස් වලින් විනාශ වී ඇත.
මෙයට අවුරුදු සිය ගණනකට පෙර ලොව කැලඹූ මෙම සිදුවීමෙන් පසු නිහඬව මුහුදු පතුලට ගිය ක්‍රකටෝවා නැවත කිසිවෙකුට දකින්නට ලැබී නැත. නමුත් 1927 අවුරුද්දේ නැවතත් ඉන්දුනීසියානු වැසියන්ට විශේෂ සිදු වීමක් දක්නට ලැබිණි. එනම් පෙර දූපත් සමූහය පිහිටි මුහුදු ප්‍රදේශයේ නව දූපතක් මුහුදින් හිස එසවීමයි. වැඩි දුරටත් කරුණු සෙවීමේදී මෙය ක්‍රකටෝවාගේම නව උපතක් ලෙස ලෝකයට පැහැදිලි විය. ඒ අනුව අනක් ක්‍රකටෝවා ( ක්‍රකටෝවාගේ දරුවා) යන නමින් මෙම අලුත උපන්  දූපත දූපත් වාසීන් විසින් හැඳින්වීමට පටන්ගෙන ඇත. ආරම්භයේ සිටම ඉතා වේගයෙන් වර්ධනය වන අනක් ක්‍රකටෝවා මේ වන විට තවත් සක්‍රිය ගිණි කන්දක් ලෙස ලෝකයාට ඒත්තුගන්වා හමාරය. සතියකට සෙන්ටි මීටර් 13 ක වර්ධනයක් ලබා ගන්නා මෙම ගිණිකන්ද තම පළමු නිවේදනය 1994 වර්ෂයේදි නිකුත් කලේ කුඩා ප්‍රමාණයේ පිපිරුම් කීපයක් ඇති කරමිණි. මේ වනවිට කිහිප වතාවක්ම පිපිරීම්, ලාවා නිකුත් කිරීම් මගින් මෙම ගිණි කන්ද තම සක්‍රීයතාව ලොවට ප්‍රදර්ශනය කරන්නේ 1883 වසරේ සිදුවීම නැවත මිහිපිට ඇති විය හැකි බවට සාධාරණ බියක් මිනිසුන් තුල ඇති කරමිණි. අනක් ක්‍රකටෝවාගේ සම්ප්‍රාප්තියත් සමග ගවේශකයින් ක්‍රටෝවාගේ ඉතිහාසය ගැඹුරින් සොයා බැලූහ. මෙම ගවේශනයන්හි ප්‍රථිපල තුලින් ලෝකයට අසන්නට ලැබුනේ ඇඟ කිලිපොලා යන විස්තරයකි. එනම් ක්‍රකටෝවා ගිණි කන්දේ ඉතිහාසය ක්‍රිස්තු වර්ශ 400 පමණ ඇතට යන බවත් 1883 පෙර කිහිප වතාවක්ම මෙම ගිණි කන්දේ පිපිරුම් සිදුවී ඇති බවත්ය. සමහරක් සිදුවීම් 1883 ටත් වඩා දැවැන්ත පිපිරුම් බවත් වැඩි දුරටත් සොයා ගෙන ඇත. මේ අනුව ක්‍රකටෝවා යනු හුදෙක් 1883 දි  පුපුරාගිය ගිණි කන්දක් නොව ශත වර්ශ ගණනාවක් තිස්සේ විවිධ වේශයෙන් පැමිණ ලොව කලඹන විශ්මිත බලවේගයක් ලෙස හැඳින්වීම සාධාරණය.     
    

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa