Thisara, The humble destroyer

චැම්පියන්ස් ලීග් ට්වෙන්ටි 20 තරඟාවලියේ ඊයේ පැවතුනු ටිනිඩ්‍රෑඩ් ඇන්ඩ් ටුබැකෝ කණ්ඩායම සහ සන්රයිසස් හයිඩ්‍රාබාඩ් කණ්ඩායම අතර තරඟයේදී පන්දුවෙන් සහ පිත්තෙන් සුවිශේෂ දක්ෂකම් පෑ තිසර පෙරේරා හයිඩ්‍රබාඩ් කණ්ඩායමට ජය ගෙන දුන්නේය.

මුලින්ම පන්දුවට පහර දුන් ටිනිඩ්‍රෑඩ් ඇන්ඩ් ටුබැකෝ කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුල ලකුණු 160ක් ලබා ගත් අතර මෙහිදි ඩැරන් බ්‍රාවෝ පන්දු 44 ක දී ලකුණු 66ක් ලබා ගත්තේය.මෙයටත් වඩා වැඩි ලකුණු ප්‍රමාණයකට යාමට හැකියාව තිබුනද සන්රයිසස් කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩක දෙපල වන තිසර පෙරේරා සහ ඩැරන් සාමිගේ නිවැරදි පන්දු යැවීම මත මෙම ලකුණු ප්‍රමාණයට සීමා විය. මෙහිදී තිසර ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්තේය.   තරමක විශාල ඉලක්කයක් වූ මෙම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට පිටියට පිවිසි  සන් රයිසස් හයිඩ්‍රාබාඩ් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවස්ථාව නොමැති වූ අතර ප්‍රබල පිතිකරු ශිකර් දවාන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 23ක් පමණි. තුන් වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි තිසර තමාට ලැබුනු දෙවන පන්දුවටම 6යේ පහරක් එල්ල කරමින් තම ඉනිම ආරම්භ කළේය. අනිත් අන්තය බිඳ වැටෙත්දී පන්දු යවන්නන්ට නොබියව පහර එල්ල කල තිසර තම අර්ධ ශතකය වාර්තා කලේ පන්දු 29 කිනි. එක් ඕවරයකදී ඔහුට එක්වූ ඩැරන් සාමි සමග ලකුණු 23 ක් ලබා ගැනීමට තිසර සමත් විය. විස්තර විචාරකයින්ගේ අදහස වූයේත් කොතරම කඩුලු බිඳ වැටුනද තිසර පිටිය මැද සිටින තාක් කල් ට්‍රිනිඩැඩ් කණ්ඩායමට ජයග්‍රහනය පහසු නොවන බවය. අවසන් ඔවරයේ තරඟය ජය ගන්නා තුරුම කඩුල්ලේ සිටි තිසරගේ ලකුණු 57ක් වූ අගනා ඉනිමට 6යේ පහර 4ක් සහ 4රේ පහර 4ක් අන්තර්ගත විය.

තරඟයේ විශේෂ අවස්ථා කීපයක්
  

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa