The fastest car

ලොව වේගවත්ම කාරය ලෙස අංක 1 ස්ථානයේ පසු වන්නේ ස්වීඩන් නිශ්පාදයනයක් වන කොනිග් සෙග් අගෙරා ආර් මෝටර් රථයයි.

මෙහි උපරිම වේගය වශයෙන් පැයට කිලෝමීටර් 439.3 ක වේගයක් සටහන් කර ඇති බව පැවසේ. නිල වශයෙන් තවම මේ බව තහවුරු වී නැතත්, නිශ්පාදකයින් මෙහි වේගය පිලිබඳව කැමති කෙනෙකුට පරික්ෂා කර බැලිය හැකි බවට අභියෝග කරයි. මෙම රථයේ විශේෂත්වය වන්නේ තත්පර 2.9 ක් කාලයක් තුල පැයට කිලෝමීටර් 100 ක් පමණ වේගයකට ලඟා විය හැකි වීමයි. මෙහි වටිනාකම ඩොලර් මිලියන 1.6 ක් වේ යැයි පැවසේ.
මෙතෙක් කලක් අංක ස්ථානයේ පසුවු බුගාටි වෙරෝන් සුපර් ස්පෝට් කාරයට දැන් හිමිව ඇත්තේ දෙවෙනි තැනයි.
මෙම කාරය අත්කරගෙන ඇති උපරිම වේගය පැයට කිලෝමීටර් 430.9කි. මෙම වේගය නිල වශයෙන් තහවුරු කර ඇති අතර ගිනස් වාර්තාවට හිමි කම් කියන්නේත් මෙම කාරයයි. ප්‍රන්ශයේ බුගාටි ඔටෝමොබයිල් ආයතනයේ නිශ්පාදනයක් වන මෙම සුපිරි කාරය තත්පර 2.4 ක් තුල පැයට කිලෝමීටර් 60 ක පමණ වේගයකට ලඟාවේ. මෙහි වටිනාකම ඩොලර් 2,400,000 පමණ වේ.   



0 comments:

Post a Comment

gallery

Powered by Cincopa