Warrant against an actress' husband

ජනප්‍රිය නිළියකගේ සැමියකුට ලක්ෂ 26 ක් වංචා කිරිමට එරෙහිව වරෙන්තු

හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් ජපානයෙන් ආනයනය කර දීමට පොරොන්දුවී ලක්ෂ 26 ක් සවාද්‍ය ලෙස පරිහරනය කිරීම සම්බන්දයෙන් ජනප්‍රිය නිළියකගේ සැමියකුට අධිකරණය පසුගිය 12 වනදා වරෙන්ත්තු නිකුත් කර ඇත.
සැකකරු විසින් මෙම මුදල මසකට රු 4,50,000 ක වාරිකයක් ලෙස මස 6 ගෙවීමට පොරොන්දු ව මත ඉකුත් 11 වන දින එය ගෙවීමට නියමිතව තිබු අතර එදින මොහු අධිකරණය හමුවේ පෙනි නොසිටීම හෙතුවෙන මෙම වරෙන්ත්තු නිකුත් කර ඇත. 2012.09.20 දින හො ඊට ආසන්න දිනකදි මොහු ජපානයෙන් ආනනය කරන ලද රු. ලක්ෂ 45 ක් පමණ හයිබ්‍රිඩ් මෝටර් රථයක් ගෙන්වා දෙන බව පවසා රු ලක්ෂ 26 ක් ලබගෙන එය සවාද්‍ය ලෙස පරිහරනය කිරීමෙන් දන්ඩ නීතී සන්ග්‍රහයේ 403 වන වගන්තිය යටතේ දඩුවම් ලබිය හැකි වරදක් සිදුකර අති බවට කොලඹ අධිකරණයට කරුණු වර්ථා වී ඇත. පැමණිලිකරු මෙම මෝටර් රථය ඉතා සහනදායි මිලකට ලබගතහැකි බැවිනුත්, අදාල සැකකරුගේ බිරිය වන අදාල නිළිය හඳුනන නිසාත් මෙම මුදල ඉකුත් සැප්තැම්බර්  20 සිට වරින්වර සැකකරුගේ කලුතර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැන්කුවක තැන්පත් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇත. එබැවින් මෙම කරුනු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා අදාල සැකකරු වාරික ගෙවීම සදහා අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු නිකුත් කර නොතීසි නිකුත් කර ඇති අතර මීලග නඩු දිනය ලබන 22 දාට කැඳවිමට නියමිතව ඇත.

0 comments:

Post a Comment

gallery

Powered by Cincopa